පිලිපීන ජනපති 'මින් පෙරත් මිනී මැරූ බවට සාක්ෂි'

ඡායාරූප මූලාශ්‍රය, EPA
පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයකු ලෙස සේවය කරද්දී අපරාධකරුවන් මරාදැමීමට තමන්ට සහ ඝාතක කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් ට නියෝග නිකුත් කළ බව පිලිපීනයේ කුලියට මිනීමරන්නෙක් පවසයි.
නීතියට පිටින් සිදුකරන ලද මිනීමැරුම් පිළිබඳව රුපවාහිනී පටිගත කරන ලද සාක්ෂි විමසීමකදී එඩ්ගාර් මටොබටෝ පැවසුවේ මිනිසුන් මරා දැමීම සඳහා දුටර්ටේ තමාට උපදෙස් දුන් බවයි.
නගරාධිපතිවරයාව සිටියදී හෝ ජූනි මාසයේ ජනාධිපති පදවියට පත්වූ පසු අපරාධකරුවන් මරා දැමීමට තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණු බවයි මීට ඉහත දී රොඩ්රිගෝ දුටර්ටේ පවසා තිබුණේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් රට මුදා ගැනීමට හැකි සියලු ආකාරයෙන්ම කටයුතු කරන බවට පවසමිනුයි ඔහු තම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන ගියේ.
එහෙත් දුටර්ටේ බලයට පැමිණීමෙන් පසු මේ වන විට දෙදහස් පන්සියයකට අධික මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ජාවාරම්කරුවන් පිරිසක් නීතියට පරිබාහිරව මරා දමා ඇත.






