ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි 'IS කැරලිකරුවන්' තිදෙනෙක් අත්අඩංගුවේ
ජර්මනියට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් එවනු ලැබ ඇති බවට සැක කරන සිරියානු තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජර්මානු නීති බලධාරීහු පවසති.
අද උදෑසන (13) උතුරු ජර්මනියේ ප්‍රාන්ත කිහිපයක සිදු කරන ලද වැටලීම් වලදී පොලිස් රැඳවුම් භාරයට ගනු ලැබූ මෙම තරුණයන් තිදෙනා වයස අවුරුදු 17, 18 සහ 26 වැනි වියේ පසු වන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට පත් වූ මෙම IS සැකකරුවන් ලඟ තිබී මහා පරිමානයේ පුපුරන ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය තිබී සොයා ගත් බවයි පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත් ඔවුන් මෙම ප්‍රහාරය කුමන ස්ථානයක් ඉලක්ක කරගෙන කවදා එල්ල කිරීමට සැලසුම් කරමින් සිටියේද යන්න තවමත් අනාවරණය වී නොමැත.
මෙම සැක කරුවන් තිදෙනා ව්‍යාජ ගමන් බලපත් භාවිතා කරමින් තුර්කිය සහ ග්‍රීසිය හරහා ජර්මනියට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
දාහත් හැවිරිදි සැකකරුට ඉස්ලාම් රාජ්‍ය සංවිධානයෙන් අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය භාවිතයට පුහුණුවක් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී ඇති අතර මොවුන් තිදෙනාම ස්වේච්ඡාවෙන් මෙම මෙහෙයුමට ඉදිරිපත් වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.