ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබාමට වැඩිය පූතින් හොඳයි - ට්‍රම්ප්
ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූතින් අගය කරමින් කතා කරයි.
නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා කෙරෙන ප්‍රචාරක වැඩසටහන් අතරතුර විශ්‍රාමික හමුදා සාමාජිකයන් සමග පැවති ප්‍රශ්නෝත්තර වටයක දී ට්‍රම්ප් පැවසුවේ බරක් ඔබාමාට වඩා ව්ලැදිමීර් පූතින් නායකත්ව ලක්‍ෂණ පෙන්නුම් කරන බවයි.
ඉරාක යුද්ධයට පක්ෂපාතීව ඡන්දය භාවිතා කිරීම අත්වැරැද්දක් බවටයි එම විශ්‍රාමික හමුදා කණ්ඩායමම අමතමින් ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වන හිලරි ක්ලින්ටන් පිළිගෙන තිබුණේ.
එහෙත් එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් වලට එරෙහිව ඇය අනුගමනය කරන යුද ක්‍රියාමාර්ගය ගොඩබිමට හමුදා යැවීමකින් තොරව සිදුවනු ඇති බවයි.
එහෙත් ගල් කුලක් සේ දැඩි තීරණ ගැනීමේ හැකියාවක් තමන්ට ඇති බවද ඇය අවධාරණය කළාය.