ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අමුද්‍රව්‍ය අධි සැපයුම G20 නායක අවධානයට
G20 රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින සාකච්ඡා චීන ජනාධිපති ෂී ජින් පින්ගේ ප්‍රධානත්වයෙන් පෙරට යමින් ඇත.
චීනයේ හැංග්ජෝ නගරයේ ලොව දියුණු කාර්මික රටවල් විස්සේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ අවසන් ප්‍රකාශනය සැකසීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් ඇති බවයි චීන ජනාධිපතිවරයා පැවසුවේ.
දිළිඳු ආර්ථික වර්ධනයක් පවතින රට වලට වැඩි අවධානයක් යොමු කිරීමටත් ගෝලීයකරණයේ ප්‍රතිලාභ ඉතා පුළුල් ලෙස ලෝකයේ සියලුම රටවල් අතර බෙදා හදා ගැනීමම සහතික කිරීමටත් මෙවර සමුළුවේ ප්‍රමුඛස්ථානය හිමිව ඇති බව ප්‍රකාශනයේ අඩංගු තොරතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ෂී ජින් පින් පැවසුවේය.
යකඩ වැනි අමුද්‍රව්‍ය අධි සැපයුමට එරෙහිව සටන් වැදීම සහ සරණාගතයන් පිළිබඳ ගැටලුවට ගෝලීය වශයෙන් පියවර ගැනීම සම්බන්ධයෙන් ද සමුළුවේ අවධානය යොමු විය.
ඒ අතර සමුළුවේ අවසානයේ ලෝක නායකයන් ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.