අලි ඇතුන් නැති අප්‍රිකාවක් කරා

අප්‍රිකානු මහද්වීපය තුළ වෙසෙන වන අලි ගහනය දශකයක් තුළ තුනෙන් එකකින් පහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

අවම වශයෙන් අලි ඇතුන් එක් ලක්ෂ හතළිස් හතර දහසක් මරා දමා ඇති බවයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ.

රටවල් දහඅටක කිලෝමීටර ලක්ෂ පහක සීමාවක් තුළ සිදු කරන ලද වන අලි සංගණනය සඳහා ගත වී ඇති කාලය වසර දෙකකි.

අලි ඇතුන් දඩයම මෙලෙසම පැවතුනහොත් දැනට අප්‍රිකානු මහාද්වීපය තුළ වෙසෙන අලි ඇතුන් හාරලක්ෂ තිස් දහසෙන් අඩක්ම වසර දහයක් ඇතුළත මරුමුවට පත් වනු ඇති බවට පර්යේෂකයෝ අනතුරු හඟවති.