යේමනයේ බෝම්බ පිපිරීමකින් විශාල ජීවිත විනාශයක්

යේමනයේ බෝම්බ පිපිරීමකින් විශාල ජීවිත විනාශයක්

දකුණු යේමනයේ ඒඩන් නගරයේ ආණ්ඩුවට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගෙන නිවාස පිහිටි ගොඩනැගිල්ලකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් හැටකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව ප්‍රාදේශීය වෛද්‍යවරු පවසති.

යේමන් බලධාරීන් පවසන්නේ සන්නද්ධ කණ්ඩායමේ නව බඳවා ගැනීම් වෙනුවෙන් සංවිධානය කෙරුණු රැස්වීමක් පැවති ගොඩනැගිල්ල තුළට මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු කාර් රථයක් පදවාගෙන විත් බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි.

සෞදි අරාබියේ නායකත්වයෙන් යුද වදින මිත්‍ර හමුදා ජාත්‍යන්තරය විසින් පිළිගනු ලැබ ඇති අබ්ද් රාබු මන්සුර් හාදිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ආණ්ඩුවට සහය ලබා දෙමින් කැරලිකරුවන්ට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදි අරාබියේ නායකත්වයෙන් යුද වදින මිත්‍ර හමුදා ජාත්‍යන්තරය විසින් පිළිගනු ලැබ ඇති අබ්ද් රාබු මන්සුර් හාදිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ආණ්ඩුවට සහය ලබා දෙමින් කැරලිකරුවන්ට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් භාර ගනු ලැබ තිබේ.

2015 වසරේ ජනවාරි මස ෂියා මුස්ලිම් හුතී කැරලිකරුවන් විසින් සනා අගනුවර බලය අල්ලා ගැනීමත් සමග යේමනයේ සිවිල් ගැටුම් ආරම්භ විය.

යුද ගැටුම් වලින් දහසකට අධික සාමාන්‍ය වැසියන් ඝාතනය වී තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, යුද ගැටුම් වලින් දහසකට අධික සාමාන්‍ය වැසියන් ඝාතනය වී තිබේ

සෞදි අරාබියේ නායකත්වයෙන් යුද වදින මිත්‍ර හමුදා ජාත්‍යන්තරය විසින් පිළිගනු ලැබ ඇති අබ්ද් රාබු මන්සුර් හාදිගේ නායකත්වයෙන් පිහිටුවා ඇති ආණ්ඩුවට සහය ලබා දෙමින් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින නමුත් තවමත් සනා අගනුවර පාලන බලය මෙහෙයවන්නේ කැරලිකාර සන්නද්ධ කණ්ඩායම් විසිනි.

එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් සංවිධානය කළ සාම සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක වෙමින් පවතින අතර යුද ගැටුම් වලින් දහසකට අධික සාමාන්‍ය වැසියන් ඝාතනය වී තිබේ.