ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුල පීඩනයට එරෙහිව 'දලිත්' පාගමනක්
ඉන්දියාවේ ගුජරාත් ප්රාන්තයේ දලිත් පීඩිත ජනතාව සිය ප්රජාවට එල්ල වන සමාජ පීඩනයට එරෙහිව අද (05) ආමෙදාබාද් නගරයේ සිට පා ගමනක නිරතව සිටිති.
අසාධාරණයට එරෙහිව නැගී සිටීමට ගුජරාත් ප්රාන්තයේ ජීවත් වන දලිත් පීඩිත කුලයේ ජනතාව දිරි ගැන්වීම මෙම පා ගමනේ ප්රධාන අරමුණකි.
දින දහයක් මුළුල්ලේ කිලෝ මීටර තුන්සිය පනහක දුරක් පා ගමනින් ආවරණය කිරීමටයි නියමිතව තිබෙන්නේ.
අගෝස්තු පහළොස් වෙනිදා නිමා කිරීමට නියමිත පා ගමනේ අවසන් රැලියට දලිත් පීඩිත කුලයට අයත් ජනතාව දහස් ගණනින් ඌනා නගරයට රැස් වෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
පසුගිය ජූලි මාසයේ ඌනා නගරයේ මිය ගිය ගවයෙකුගේ සම ඉවත් කිරීමේ යෙදුනු දලිත් කුලයේ පුද්ගලයන් හතර දෙනෙකුට ඉන්දියාවේ ගවයන් රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටින අන්තවාදී හින්දු භක්තිකයන් විසින් ඉතා දරුණු ලෙස පහර දෙනු ලැබුණි.
එම සිදුවීමෙන් පසු දලිත් ජනතාව විසින් ගෙන යන විරෝධතා සහ උද්ඝෝෂණ බොහොමයක් ඌනා නගරයේ පැවැත්වීමට ඔවුන් කටයුතු කරමින් සිටියි.