ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මියුනික් ප්‍රහාරය: ගිනි අවි නීති තර කිරීමට පියවර
පසුගිය සිකුරාදා ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමේ ප්‍රහාරයෙන් පසු ගිනි අවි මිලදී ගැනීම සඳහා වූ නීතිය තර කිරීමට කටයුතු කළ යුතු බව එරට ජේෂ්ඨ දේශපාලඥයෝ පවසති.
ජර්මනියේ උප චාන්සලර්වරයා සිග්මා ගේබ්‍රියල් කියා සිටියේ සාමාන්‍ය ජනතාවට මාරාන්තික අවි ආයුධ මිලදී ගැනීමට සහ ලබා ගැනීමට ඇති ඉඩකඩ උපරිමයට සීමා වන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට ගත හැකි සියලුම පියවර ගත යුතුව ඇති බවයි.
මියුනික් ප්‍රහාරක දහඅට හැවිරිදි ඩේවිඩ් අලි සොන්බෝලි සිය දිවි හානි කර ගැනීමට පෙර පුද්ගලයන් නම දෙනෙකු වෙඩි තබා ඝාතනය කළේය.
ඩේවිඩ් අලි ප්‍රහාරය එල්ල කිරීම සඳහා 'ග්ලොක්' වර්ගයේ පිස්තෝලයක් භාවිතා කර තිබූ අතර ඔහු සතුව උණ්ඩ තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් තිබුණි.
ප්‍රහාරය අරමුණ කුමක්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා තවමත් ජර්මන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.
තුවක්කුකරු වසර කීපයක් පුරා මියුනික් නගරයේ ජීවත් වූවකු බවත් පොලිසිය සඳහන් කළේය.