ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අතුරුදහන් වූ ඉන්දීය ගුවන් යානය ගැන 'හෝඩුවාවක් නැහැ'
චෙන්නායි සිට අන්දමන් දූපත් බලා ගමන් කරමින් සිටියදී අතුරුදහන් වූ ඉන්දීය හමුදා ගුවන් යානය පිළිබඳ මෙතෙක් කිසිඳු හෝඩුවාවක් නොමැති බව එරට බලධාරීහු පවසති.
රුසියාවේ නිෂ්පාදිත 'AN 32' ගුවන් යානය අතුරුදහන් වී පැය විසිහතරක් ගත වී තිබේ.
ගුවන් යානය තුළ සාමාන්‍ය වැසියන් නව දෙනකු ඇතුළු පුද්ගලයන් විසිනව දෙනකු ගමන් කොට ඇති බව බලධාරීහු සඳහන් කරති.
ඉන්දීය ආරක්ෂක ඇමති මනොහර් පරික්කර්ගේ අධීක්ෂණය යටතේ, අතුරුදහන් වූ ගුවන් යානය සොයා මුහුදු සහ ගුවන් මාර්ගයෙන් මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතියි.
ගුවන් යානය ගමන් ආරම්භ කොට මිනිත්තු පහළොවකට පසු රේඩාර් පද්ධතියෙන් නො පෙනි ගිය බවයි වාර්තා වන්නේ.