ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාවේ හමුදා ගුවන් යානයක් අතුරුදහන්
පුද්ගලයන් විසි නම දෙනකු රැගත් ඉන්දියානු හමුදා ගුවන් යානයක් බෙන්ගාල බොක්කට ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී අතුරුදහන් වී ඇති බව ඉන්දීය ගුවන් හමුදාව පවසයි.
සෙබළුන් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා අන්තෝනෆ් 32 වර්ගයේ ගුවන් යානය ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 08.30ට චෙන්නායි ගුවන්තොටුපළෙන් පිටත් වී ඇති අතර මිනිත්තු පහළොවක් ගත වූ පසු අන්දමන් සහ නිකොබාර් දූපත් සමූහයේ බ්ලෙයාර් තොටුපොළ වෙත පියාසර කරමින් තිබියදී ගුවන් පථයෙන් අතුරුදහන් වූ බවයි ඉන්දීය ගුවන් හමුදාව කියා සිටියේ.
බ්ලෙයාර් තොටුපොළට උදෑසන 11.30ට ගොඩ බැස්වීමට නියමිතව තිබුණු ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් මේ වන විට අරඹා තිබේ.
ඉන්දීය ගුවන් හමුදාව සෙබළුන් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නා අන්තෝනෆ් 32 වර්ගයේ ගුවන් යානා සියයක් පමණ සිය මෙහෙයුම් සඳහා යොදා ගනියි.
ඉන්දීය නාවික හමුදාවේ ප්‍රකාශකයෙකු බීබීසියට කියා සිටියේ ඉන්දීය හමුදා කඳවුරක් වෙත නිලධාරීන් රැගෙන යමින් සිටියදී අතුරුදහන් වූ මෙම ගුවන් යානය සෙවීම සඳහා මේ වන විට ගුවන් යානා සහ නැව් මෙහෙයුම් කටයුතු වල යොදවා ඇති බවයි.