මියුනික් ප්‍රහාරකයා 'දහඅට හැවිරිදි තරුණයෙක්'

ජර්මනියේ මියුනික් නුවර ඔලිම්පියා සාප්පු සංකීර්ණයේ සිදු වූ වෙඩි තැබීමෙන් මරුමුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව නවය දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් ගත කෙරුණු තවත් තිදෙනකු බරපතළ තත්වයේ පසු වන බවත් බලධාරීහු පවසති.

ප්‍රහාරය එල්ල වීමත් සමග ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගලා මර්කල්ගේ ප්‍රධානත්වයෙන් එරට ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් සමග හදිසි හමුවක් කැඳවා ඇත.

තුවක්කුකරු දහඅට හැවිරිදි ඉරාන - ජර්මානුවකු බවත් ප්‍රහාරයෙන් පසු ඔහු වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි විශ්වාස කරන බවත් එරට පොලිසිය පවසයි.

ප්‍රහාරය අරමුණ කුමක්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා ජර්මන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

තුවක්කුකරු වසර කීපයක් පුරා මියුනික් නගරයේ ජීවත් වූවකු බවත් පොලිසිය සඳහන් කළේය.