ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වෘක්ෂලතා රෝපනය;ඉන්දියාවෙන් නව ලෝක වාර්තාවක්
පැය විසිහතරක කාල පරාසයක් ඇතුළත ගස් වැඩිම සංඛ්‍යාවක් රෝපණය කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය අද (11) දවස ඇතුළත විශේෂ ව්‍යාපෘතියක් පෙරට ගෙන යමින් ඇත.
ඒ අනුව අලුතින් රෝපණය කිරීම සඳහා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජනතාව අතර පැල කෝටි පහක් බෙදා දී තිබෙන අතර, ඒවා රෝපණය කිරීමට දස දහස් ගනණින් ජනතාව සහභාගි වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ව්‍යාපෘතිය පෙරට යද්දී හිරු අවරට යමින් කළුවර වැටෙද්දී පැල රෝපණය කිරීම දිගටම කර ගෙන සඳහා අවශ්‍ය ආලෝකය ලබා ගැනීමට භූමි තෙල් ලාම්පු ලබා දීමට කටයුතු යොදා ඇති අතර සර්පයන්ගේ දෂ්ඨ කිරීමකට ලක් වුනොත් පාවිච්චි කිරීමට සර්ප විෂ නාශක ඖෂධ වර්ග ද ලබා දී ඇත.
ඉන්දීය රජය තම රටේ ප්‍රාන්ත විසි නවය තුළම වනාන්තර ප්‍රමාණය වැඩි කිරීමේ සැලැස්මක් අනුගමනය කරයි.
පසුගිය අවුරුද්දේ ප්‍රංශයේ පැවති දේශගුණික විපර්යාස සමුළුවේ දී ඇති කර ගන්නා ලද එකඟතාවයන් අනුවයි ඉන්දියාව එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබ ඇත්තේ.