ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩල්ලස් ප්‍රහාරකයාගේ නිවසේ බෝම්බ හදන උපකරණ
ඇමරිකාවේ ඩල්ලස් හිදී වෙඩිතැබීම සිදුකළ තුවක්කු කරුවාගේ නිවසේ තිබී බෝම්බ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය, වෙඩි බෙහෙත් සහ ප්‍රහාර එල්ලකිරීම පිළිබඳව ලියවුනු සඟරා ආදිය හමුවී ඇති බව බලධාරීහු පවසති.
පොලිස් වෙඩි පහරින් කළු ජාතිකයන් දෙදෙනෙකු මිය යාමට එරෙහිව විරෝධතාවයක් පැවැත්වෙමින් තිබිය දී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකු මරණයට පත්වූ අතර තවත් හත් දෙනෙකුට තුවාල සිදුවිය.
ප්‍රහාරකයා විසි පස් වියැති මිකා ජොන්සන් නම් හිටපු හමුදා සෙබළෙකු ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.
මේ අතර කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය යාම හෙළා දකිමින් දහස් ගණන් ජනතාව නැවතත් ඇමරිකාවේ නගර කිහිපයක විරෝධතා පැවැත්වුහ.
ඇට්ලන්ටා, නිව් ඕලීන්ස්, නිව්යෝර්ක් සහ තවත් නගර ගණනාවක සාමකාමී විරෝධතා පෙළපාලි පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.
සිවිල් අයිතිවාසිකම් ක්‍රියාධරයෙකුවන ජෙස් ජැක්සන් දේවගැතිවරයා කියා සිටියේ පොලිස් නිලධාරීන්ගේ මරණය පිළිබඳව ශෝක විය යුතු අතරම කළු මිනිසුන් මරා දැමීම නවතා දැමීමට ගෙනයන අරගලය නොනවත්වා ගෙන යායුතු බවයි.
ඩල්ලස් වෙඩිතැබීම සිදුකළ හිටපු හමුදා සෙබළා සමග පොලීසිය සිදුකළ වෙඩි හුවමාරුවකින් පසු ඔහු මරා දැමුණේ බෝම්බයක් සවිකළ රොබෝ උපකරණයක් යැවීමෙන් බවයි වර්තාවූයේ.