ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිවි රැකුමට ඇඟ විකුණන සරණාගත තරුණයෝ
ග්‍රීසියේ තාවකාලික රැඳවුම් කඳවුරුවල සිටින සරණාගත තරුණයින් මුදල් ඉපැයීම පිණිස තම ශරීරය විකුණන බව බීබීසී ගවේෂණයකින් හෙළිවී ඇත.
යුද ගැටුම් හේතුවෙන් මැද පෙරදිග කලාපයේ සිට යුරෝපය බලා පලා ආ සරණාගතයන්ගෙන් ඇතැම් පිරිස් දේශ සීමා වසා දැමීම හේතුවෙන් යුරෝපයට යාමට නොහැකිව ග්‍රීසියේ ඇතැන්ස් නුවරට කොටුවී සිටිති.
බලධාරීන් පවසන ආකාරයට 60,000 කට ආසන්න එම පිරිස ග්‍රීසිය පුරා විවිධ ප්‍රදේශ වල තාවකාලික කඳවූරුවල රඳවා සිටිති.
කෑම බීම ලැබුණද මුදල් ඉපැයීම නීති මගින් තහනම් ව ඇති බැවින් තම ගම් රටවල් බලා යාම පිණිස මුදල් උපයා ගැනීම පිණිස තරුණ සරණාගතයන් රහසේ ලිංගික කටයුතුවල යෙදෙන බවයි බීබීසීය මගින් කළ ගවේෂණයෙන් හෙළිවී ඇත්තේ.