ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිල්ලි සමූහ දුෂණ සැකකරුවන්ට දඬුවම්
වසර දෙකකට පෙර දිල්ලි අගනුවර දී ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් සමූහ දුෂණයට ලක් කිරීම වෙනුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ඉන්දියානු අධිකරණයක් මගින් වරදකරුවන් කර තිබේ.
වයස 52 ක් වූ කාන්තාවට පිහියක් පෙන්වා තර්ජනය කොට ලිංගික දුෂණයකට ලක් කොට පසුව ඇය සතුව තිබූ වටිනා භාණ්ඩ සොරකම් කරගෙන තිබුණේ ඇය නගරයේ අතරමං වී සිටියදීය.
තවත් සැකකරුවන් තිදෙනෙකු තවමත් අධිකරණය හමුවේ දඬුවම් ලැබීමට නියමිතව සිටිති.
මෙම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය වල දැඩි අවධානයට ලක් වූයේ කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය සහ වෙනත් වදහිංසා කිරීම් ඉහල යමින් තිබුණු කාල සීමාවක වාර්තා වූ නිසා බවයි පැවසෙන්නේ.
දිල්ලි නුවර ශිෂ්‍යාවක් බස්රථයක් තුළ දී සමූහ දුෂණයට ලක් කොට මරා දැමීමෙන් පසු මෙවැනි සිදුවීම් වලට වැරදි කරුවන් වන අයට තදබල දඬුවම් ලබා දීමට සැකසූ නව නීති වලට මුහුණ දීමට මෙම සැකකරුවන්ට සිදුවූ බවයි වාර්තාකරුවන් පවසන්නේ.