ඉන්දියාවේ ලිංගික අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් සැකසෙයි

ලිංගික අපරාධ වලට වැරදිකරුවන් වූවන්ගේ තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් සකසා ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බව ඉන්දීය රජය පවසයි.

ලිංගික දුෂණ, ලිංගික දසුන්වලින් ආස්වාදය ලැබීම, පසුපසින් ලුහුබැඳීම වැනි ක්‍රියා සඳහා වැරදිකරුවන් වූ පුද්ගලයින්ගේ ගේ නම, ලිපිනය සහ ඡායාරුපය ද ඇතුලත් කර මෙම ලැයිස්තුව සකස් කෙරනු ඇත.

එවැනි ක්‍රියාවකට වරදකරු බවට තීරණය වී ඇති වයස 18 ට අඩු බාල වයස්කරුවන්ගේ නම් ද ඊට ඇතුළත් කිරීමට නියමිතය.

බලධාරීන් පවසන්නේ මෙම සැලසුම මූලික අදියරේ පවතින අතර මහජන අදහස් සලකා බැලීමක්ද සිදුකෙරෙනු ඇති බවයි.

වසර තුනකට පෙර නවදිල්ලි අගනුවර දී සමූහ දුෂණයකට ලක්කොට ශිෂ්‍යාවක් මරා දැමීමෙන් පසු මෙම අදහස මතුව ආ අතර එම සිදුවීම ලිංගික හිංසනය පිලිබඳ ඉන්දියාව තුළ ප්‍රබල කතිකාවතකට හේතුවිය.