ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් අලෙවියෙන් ටාටා සමාගමේ ලාභ ඉහළට
සුඛෝපභෝගී ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථවල ඉහළ අලෙවිය හේතුවෙන් ටාටා මෝටර් සමාගමේ ලාභය ඉහළ ගොස් ඇත.
පසුගිය වසර හා සැසඳීමේදී කාර්තුවක් තුළ ටාටා සමාගමේ ලාභාංශ තුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ.
එම අගය රුපියල් බිලියන 51.7 කි.
මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් මෝටර් රථ අලෙවිය 28% ඉහළ ගොස් ඇත.
ඉන්දියාව තුළ ටාටා ට්‍රක් රථ සඳහා පවතින ඉල්ලුම ඉහළ යාමත් සමාගමේ ලාභය කෙරෙහි බලපා තිබේ.
ෆෝඩ් මෝටර් සමාගමට අයත්ව තිබූ ජගුවාර් සහ ලෑන්ඩ් රෝවර් සමාගම ටාටා සමාගම ව විසින් මිළදී ගනු ලැබුවේ 2008 වසරේදී.