ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරාක හමුදාව ෆලුජා හි අවසන් සටනේ
ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමේ පාලනයෙන් ෆලුජා (Fallujah) නගරය මුදාගැනීමේ අවසන් මෙහෙයුම ආරම්භ කළ බව ඉරාක රජයේ හමුදා පවසයි.
බැග්ඩෑඩ් නගරයට කිලෝමීටර 50 ක් බටහිරින් ඇති ෆලුජා නගරය පසුගිය වසර දෙකක කාලය තිස්සේ පවතින්නේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ පාලනය යටතේයි.
ඉරාක ආරක්ෂක හමුදා විසින් නිකුත් කර ඇති ප්‍රකාශනයකින් පැවසෙන්නේ උදෑසන 5.00 හේ සිට ඉතා දරුණු සටන් පවතින බවයි.
මේ නවතම මෙහෙයුම රජයට අමතරව ඇමරිකාවේ සහය ලබන ත්‍රස්තවාදී මර්ධන විශේෂ මෙහෙයුම් බලකායක් විසින් මෙහෙයවන බවයි පැවසෙන්නේ.
ෆලුජා නගරය තුන් පැත්තකින් වටලා පහර දෙන ඔවුන් නගරයට සැපයුම් ලබාදෙන මාර්ග මෙන්ම නගරයෙන් පලා යා හැකි මාර්ග ද සියල්ල අහුරා ඇති බවයි වාර්තා වන්නේ.