ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජපන් තරුණියකගේ මරණයට සැකපිට ඔකිනාවා හි ඇමරිකානුවෙකු අත්අඩංගුවට
ජපානයේ ඔකිනාවා දූපතේ පිහිටා ඇති ඇමරිකානු හමුදා මුලස්ථානයේ අණදෙන නිලධාරීවරයා වෙත ජපාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් විරෝධතාවක් ඉදිරිපත්කර තිබේ.
එම හමුදා කඳවුරේ සේවය කරන ඇමරිකානුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි අමාත්‍ය ජෙනරාල් නකතනි කඳවුර තුළ විනය ආරක්ෂා කරගන්නා ලෙස ඉල්ලා ඇත්තේ.
පසුගිය අප්‍රේල් මාසයේ සිට අතුරුදහන් වී සිටි ජපන් තරුණියක ගේ මරණය සම්බන්ධයෙන් ඔකිනාවා කඳවුරේ ඇමරිකානුවකු අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ජපන් අගමැති ෂින්සෝ අබේ පවසා තිබුණේ ලබන සතියේ ඇමරිකානු ජනපති ඔබාමා ජපාන සංචාරයට පැමිණි විට ඔහු හමුවේ මෙම සිදුවීම පිලිබඳ රජයේ විරෝධය පළ කරන බවයි.