ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දියාව: නියඟයට මුහුණදීම පිණිස ගංගා ජලය හැරවේ
බරපතළ ලෙස නියඟයට මුහුණ පා සිටින ප්‍රදේශවලට සහන සලසනු වස් එම ප්‍රදේශ වෙත ගංගා ජලය හරවා යැවීමේ සැලසුම් ඉදිරියට ගෙන යන බව ඉන්දීය ආණ්ඩුව පවසයි.
ගංගා සහ බ්‍රම්මපුත්‍ර නදිය වැනි ප්‍රධාන ගංගාවල ජලය වෙනත් ප්‍රදේශ වෙත හරවා යැවීමේ සැලසුම් සඳහා මේ වන විට ඉන්දීය ආණ්ඩුව ඉහළ ප්‍රමුඛත්වය ලබා දී ඇති බවයි ජල සම්පත් අමාත්‍යවරිය උමා භාරාටි බීබීසීයට කියා සිටියේ.
"අනිවාර්යයෙන්ම, ඒක අපේ ප්‍රධානම න්‍යාය පත්‍රය. අපට මේ සඳහා ජනතාවගේ සහාය අවශ්‍යයි," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
"මේ යෝජනාව අපේ මැතිවරණ ප්‍රකාශයේ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශය තුලත් තිබුනා. මේ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කරන්න මම අධිෂ්ඨාන කර ගෙන සිටිනවා."
ඉන්දියාවේ පවතින දරුණු නියඟය ලක්ෂ තුන්දහස් තුන්සියයකට ආසන්න පිරිසකට බලපා තිබේ.
ගංගා එකිනෙක සම්බන්ධ කිරීමේ යෝජනා ක්‍රමය පරිසර විද්‍යාත්මක ව්‍යසනයකට මුල් විය හැකි බවට පරිසරවේදීහු තර්ක කරති.