ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දෙදිනක් තුළ බංග්ලාදේශයේ 50 දෙනෙකු අකුණු සැර වැදී මරුට
පසුගිය දින දෙක තුළ දී පමණක් බංග්ලාදේශය පුරා පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් අකුණු සැර වැදී මියගිය බව එරට පොලීසිය පවසයි.
මිය ගියවුන් ගෙන් වැඩි පිරිසක් කුඹුරු වැඩ කරමින් සිටි ගොවීන් බවයි වාර්තා වන්නේ.
ධකා අගනුවර දී මරණයට පත් වූ තවත් දෙදෙනෙකු ශිෂ්‍යයන් වූ අතර ඔවුන් පාපන්දු ක්‍රීඩා කරමින් සිටයදී අකුණු සැර වැදී තිබේ.
තවත් නව යොවුන් වියේ ළමයෙකු අඹ එකතු කිරීමට ගොස් සිටිය දීය අකුණු සැර වැදී ඇත්තේ.
බංග්ලාදේශයේ අකුණු සැර වැදීම බහුලව සිදුවන නමුත් මෙවර එය ඉතා දරුණු අන්දමින් සිදුවන බවයි පැවසෙන්නේ.
විශේෂඥයන් පවසන්නේ වායුගෝලීය උෂ්ණත්වය වැඩිවීම සහ කැලෑ කැපීම මෙයට හේතුව විය හැකි බවයි.