ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බංගලාදේශය: සුෆි මුස්ලිම් නායකයකු කපා කොටා ඝාතනය කෙරෙයි
බංගලාදේශයේ ප්‍රාදේශීය මට්ටමේ සුෆි මුස්ලිම් නායකයකු කපා කොටා මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි.
ඉහත කී ඝාතනය ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදු කොට ඇතැයි සැක කරන බව පොලිසිය කියා සිටියේය.
ඔහුගේ මෘත ශරීරය උතුරු දිග බංගලාදේශයේ රාජ්ශාහි නගරයේ තිබී සොයා ගත් බවයිපොලිසිය සඳහන් කළේ.
එම ප්‍රදේශයේදීම පසුගියදා මහාචාර්යවරයකු ඝාතනය කොට තිබූ අතර ඒ ආකාරයටම මෙම ඝාතනයද සිදු කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුගිය වසර තුනක කාලය ඇතුළත බ්ලොග් ලේඛකයන්, විද්වතුන් සහ සුළුතර ආගම්වලට අයත් පුද්ගලයන් ඇතුළු විසි දෙනකුට අධික පිරිසක් බංගලාදේශය තුළ ඝාතනයට ලක් වී තිබේ.
ඉස්ලාමීය අන්තවාදීන් විසින් එම ඝාතන සිදු කළ බවට චෝදනා එල්ල වේ.