ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වර්ගීකරණයෙන් ආසියානු විශ්වවිද්‍යාල ඉහළට
ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල ලෙස වර්ගීකරණය වූ ආසියානු විශ්ව විද්‍යාල සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
මේ වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 100 අතරට ආසියානු විශ්ව විද්‍යාල 17 ක් ඇතුලත්වන බව 'ටයිම්ස්' ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව හෙළිවී තිබේ.
පසුගිය වසරේ හොඳම විශ්ව විද්‍යාල 100 අතරට ගැනුනේ ආසියානු විශ්ව විද්‍යාල 10 ක් පමණි.
ප්‍රථම වතාවට චීන විශ්වවිද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 20 අතරට එක්වී තිබේ.
ඒ බෙයිජිං හි ෂින්හුවා විශ්වවිද්‍යාලය (Tsinghua University) ලෝක වර්ගීකරණයේ 18 වැනි ස්ථානයට පත්වීමත් සමගයි.
ඇමරිකානු විශ්වවිද්‍යාල තවමත් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතරට එක්වී ඇත්තේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය පළමු ස්ථානයේ තබමින්.