ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මියයන මසුන් වෙනුවෙන් වියට්නාමයේ උද්ඝෝෂණයක්
වියට්නාමයේ මධ්‍යම වෙරළ තීරයේ දී අති විශාල මත්ස්‍යයින් සංඛ්‍යාවක් මැරී සිටින ආකාරය සොයා ගැනීමෙන් පසු දුර්ලභ ගණයේ උද්ඝෝෂණයකට සිය ගණනක් පිරිස් සහභාගී වී සිටිති.
බොහෝ විරෝධතාකරුවන් චෝදනා කරන්නේ තායිවාන ජාතික වානේ කම්හල් කරුවකු විසින් සිදු කරන පරිසර දුෂණය හේතුවෙන් මෙසේ මත්ස්‍යයින් මියගොස් ඇති බවයි.
වියට්නාම රජය විසින් කරන ලද සමීක්ෂණයක් මගින් 'ෆාර්මෝසා ප්ලස්ටික්ස්' කම්හල කිසිදු වැරැද්දක් සිදු නොකරන බවටයි නිදොස් කොට තිබුණේ.
හැනෝයි නගරයේ උද්ඝෝෂකයන් උරණවී සිටින්නේ මෙම ප්‍රශ්නය පිළිබඳව රජයේ මන්දගාමී ප්‍රතික්‍රියාව සම්බන්ධයෙනුයි.
මියගිය මත්ස්‍යයින් වෙරළට සේදී ඒම ආරම්භ වුයේ පසුගිය මාසයේ වුවද මත්ස්‍යයන් මෙසේ මියයාමට හේතුව කුමක්දැයි තවමත් පැහැදිළි නැත.