ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දිවියෙන් සමුගත් පොප් ගායක ප්‍රින්ස්ට දම්පාටින් ප්‍රණාම
බ්‍රහස්පතින්දා දිවියෙන් සමුගත් පොප් ගායක ප්‍රින්ස්ට ලොව පුරා සංගීත ලෝලීහු දම්පාටින් ප්‍රණාමය පුදමින් සිටිති.
ඔහුට ගෞරව පිදීම පිණිස ලොව පුරා බොහෝ රටවල ගොඩනැගිලි, පුවත්පත් මුල් පිටු සහ වෙබ් අඩවිවල වර්ණය දම්පාටින් සරසා තිබේ.
පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ ප්‍රින්ස් බ්‍රහස්පතින්දා මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මියගොස් තිබුණි. ඔහුගේ මරණයට හේතුව කවරක්දැයි තවමත් අනාවරණය වී නැත.
Purple Rain සහ Sign O' the Times ප්‍රින්ස්ගේ ඔහුගේ ජනප්‍රියතම ගීත තැටි අතරට එක්වේ.
ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා සිය සංවේගය පළ කරමින් කියා සිටියේ ලෝකයටම ඉතා නිර්මාණශීලී කලා දැවැන්තයකු අහිමි වූ බවයි.