ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉක්වදෝර භූමිකම්පාව: 'ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නෑ'
ඉක්වදෝරයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට භූමිකම්පාව හේතුවෙන් අනතුරක් සිදු වී ඇති බවට වාර්තා නොවන බව ඉක්වදෝරයේ වැඩබලන තානාපතිවරයා වශයෙන්ද කටයුතු කරන කියුබාවේ තානාපතිවරයා පවසයි.
දුරකථනය ඔස්සේ සංදේශය සමග සම්බන්ධ වෙමින් සරත් දිසානායක තානාපතිවරයා පැවසුවේ මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් අනතුරුවලට ලක්වීමක් පිළිබඳව වාර්තා නොවන බවයි.
"මේ අවස්ථාවේ මට කියන්න තියෙන්නෙ මමත් ඒ සම්බන්ධව නිතරම යාවත්කාලීන වෙලා ඉන්නව මොකද මම ඉක්වදෝරය සඳහාත් තානාපති වශයෙන් කටයුතු කරන නිසා"
"මම ඉක්වදෝරයේ විදේශකටයුතු අමාත්‍යංශයෙන් හොයල බැලුව අපිට තාම එහෙම කිසිම ආකාරයකින් තොරතුරක් නැහැ ඒ රටේ වාසය කරන කිසිම ශ්‍රී ලාංකිකයෙක් මෙම අනතුර නිසා විපතට පත් වෙලා තියනව කියල. මම දන්න තරමට ශ්‍රී ලාංකිකයො ඉතාමත්ම අතලොස්සක් පමණයි සිටින්නෙ" යනුවෙනුයි තානාපතිවරයා ප්‍රකාශ කළේ.
මේ මොහොත වන විටත් සහන සේවා කටයුතු සිදුවෙමින් පවතින බව පැවසූ තානාපතිවරයා සඳහන් කළේ 270 කට අධික පුද්ගලයන් පිරිසක් මරුමුවට පත්වී ඇති අතර 4000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.