පුතුගෙන් ලැබුණු අවසන් පණිවුඩය: 'තාත්තේ'

ඡායාරූප මූලාශ්‍රය, Amnesty International
ත්‍රිකුණාමල වෙරළේ සිටියදී පැහැර ගෙන ගොස් මරා දැමුණු සරසවි ශිෂ්‍යයන් පස් දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු කර දෙන මෙන් එම සිසුන්ගේ පවුල් වල ඥාතීහු ඉල්ලා සිටිති.
ඉහත කී සිසුන් පස් දෙනා ඝාතනය කොට වසර දහයක් ගත වන මොහොතේ ඒ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් සිදු කොට යුක්තිය ඉටු කර දෙන මෙන් <link type="page"><caption> ඇම්නෙස්ටි ජාත්‍යන්තරය</caption><url href="https://youtu.be/kwLMEh_gV1k" platform="highweb"/></link> නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
තම පුතු වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කර ගැනීමේ අරමුණින් ලොව පුරා පිහිට පතමින් වසර දහයක් මුළුල්ලේ ගමනේ යෙදී සිටින බවයි ඝාතනයට ලක් වූ එක් සිසුවකුගේ පියෙක් පවසන්නේ.
''මගේ පුතා රජිහරන් එයාගේ යාළුවෝ හමු වෙන්නයි ගාන්ධි ප්‍රතිමාව අසලට ගිහින් හිටියේ. මුහුද පැත්තෙන් අපිට බෝම්බයක් පිපිරෙන සද්දයක් ඇහුණා. රජිහරන් එයාගේ දුරකථනයට පිළිතුරු දුන්නේ නැහැ. කෙටි පණිවුඩයක් පමණක් ලැබුණා 'තාත්තේ' කියලා.'' රජිහරන්ගේ පියා වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන් කියා සිටියේ ඇම්නෙස්ටි ජාත්‍යන්තරය හා සාකච්ඡාවකට එක් වෙමින්.
අන්තිම ඇමතුම
එම අවස්ථාවේ තමා සිද්ධිය වූ දෙසට ගිය නමුත් ආරක්ෂක අංශ විසින් එම ස්ථානයට ඇතුළු වීම වලක්වා ලූ බවයි <link type="page"><caption> වෛද්‍ය කාසිපිල්ලේ මනෝහරන්</caption><url href="https://youtu.be/kwLMEh_gV1k" platform="highweb"/></link> පවසන්නේ.
මෘත ශරීරාගාරයට ගිය තමාට සිය පුතුගේ හිසෙහි පසුපස ප්‍රදේශයේ වෙඩි වැදුණු ළකුණු පහක් දකින්නට ලැබුණු බව වෛද්‍ය මනෝහරන් කියා සිටි බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි.
''මගේ පුතා වෙනුවෙන් යුක්තිය සෙවීම මම කිසිදාක නවත්තන්නේ නැහැ''වෛද්‍ය මනෝහරන් කියා සිටියි.
ඝාතන සිදු වීමෙන් අනතුරුව තම පවුලේ සෙසු සාමාජිකයන් වෙතත් තර්ජන එල්ල වූ බැවින් තමන් සියලු දෙනාම ශ්‍රී ලංකාව හැර ගිය බවත් වෛද්‍ය මනෝහරන් කාසිපිල්ලේ සඳහන් කළේය.








