චිංගීස් අයිත්මාතොෆ් සම්මානයෙන් පිදුම් ලබන පළමු ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලාංකික ලේඛක සහ පරිවර්තක චූලානන්ද සමරනායක, චිංගීස් අයිත්මාතොෆ් ජාත්‍යන්තර සම්මානය සඳහා තෝරාගෙන තිබේ.
ලන්ඩනය මූලස්ථාන කරගත් <link type="page"><caption> චිංගීස් අයිත්මාතොෆ් ඇකඩමිය</caption><url href="http://www.aitmatov-academy.org.uk/" platform="highweb"/></link> විසින් වාර්ෂිකව පිරිනමන එම සම්මානයෙන් පිදුම් ලබන පළමු ශ්‍රී ලාංකිකයා ඔහුයි.
දෙසැම්බර් 10 වැනි දින වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ සාමි මන්ත්‍රී මණ්ඩලයේ පැවැත්වෙන උත්සවයේදී චූලානන්ද සමරනායක ඇතුළු ජාත්‍යන්තර ලේඛක ලේඛිකාවන් සිවු දෙනකු සහ ග්‍රීක පරිවර්තන එකතුවකට සම්මාන පිරිනැමීමට නියමිතයි.
ශාන්ත පීටර්ස්බර්ග් සරසවියේ මහාචාරිනී ලුද්මීලා අලෙක්සේයෙව්නා වර්බිත්ස්කයා, කසක්ස්තානයේ යුරේශියා ජාතික විශ්ව විද්‍යාලයේ මහාචාර්ය යෙර්ලාන් බත්තශේවිච් සිදිකොෆ්, අයිත්මාතොෆ් ගේ චරිතයට පන පෙවූ තුර්කියේ ප්‍රවීණ නළු කදීර් ඉනනීර් මේ වසරේ සම්මාන ලබන අනෙක් තිදෙනායි.

ග්‍රීක භාෂාවට නැගුනු චිංගීස් අයිත්මාතොෆ් ගේ පරිවර්තන එකතුවකටද සම්මාන පිරිනැමේ.
මධ්‍යම ආසියාවේ සංස්කෘතිය අධ්‍යයනය පිණිස 2010 දී එම ඇකඩමිය ආරම්භ කරනු ලැබුවේ කිර්ගීස් ජාතික අයිත්මාතොෆ් ලේඛකයාගේ මිතුරියක වන ආචාර්ය රහීමා අබ්දුවයියේවා විසින්.
2104 වසරේදී ඇකඩමියේ සියලු කටයුතු යොමුවුණේ කසක්ස්තානයේ සංස්කෘතික අධ්‍යනය පිණිසයි.
චිංගීස් අයිත්මාතොෆ් භාෂා දෙකකින් සිය නිර්මාණ එලිදැක්වූ ලේඛකයකු බව පෙන්වාදෙන ආචාර්ය රහීමා අබ්දුවයියේවා, කසක්ස්තානයේ ක්‍රියාත්මක වන නිල ත්‍රෛභාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ඇකඩමියේ අවධානය යොමුවී තිබෙන බව සඳහන් කරන්නීය.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




