ඔස්ට්‍රේලියානු ක්‍රියාකලාපය එක්සත් ජාතීන්ගේ කනස්සල්ලට

ඡායාරූප මූලාශ්‍රය, Australian Maritime Safety Authority
දේශපාලන රැකවරණ පතා බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව ක්‍රියාකරන ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය බලවත් කනස්සල්ල පළ කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය එසේ කියා සිටින්නේ එම කණ්ඩායමෙන් පිරිසක් කෙටි තොරතුරු විමසීමකින් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට වාර්තා පළවෙමින් තිබෙන අතර වාරයේදීයි.
දෙසීයකට වැඩි පිරිසක් බෝට්ටු දෙකකින් ඕස්ට්‍රෙලියාව බලා පැමිණ ඇති අතර දේශපාලන රැකවරණ පැතීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න හතරක් පමණක් ඇසීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
මාධ්‍ය වාර්තා අනුව සහ ජනතාවගෙන් ලැබෙන තොරතුරු අනුව, ඕස්ට්‍රේලියාවේ ආරක්ෂාව පතා පැමිණෙමින් සිටි පුද්ගලයන් මුහුදේදී නැවැත්වීමට පියවර ගැනීම කෙරෙහි තම බලවත් කනස්සල්ල පලකරන බවයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය පවසන්නේ.




