
නීතිඥ විජේදාස රාජපක්ෂගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව නීතිවේදීහු පවසති
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගේ නිවසට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස් පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව නීතිවේදීහු පවසති.
සිදුවීම හෙලා දකිමින් කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට රැස්වී ශ්‍රී ලංකා නීතිඥ සංගම් කාර්යාලය වෙත ගමන් කළ නීතිවේදීහු එහිදී විරෝධතාවයක්ද පැවැත්වූහ.
"විරුද්ධ මතධාරීන් ආරක්ෂා කිරීමට මේ රටේ ජනාධිපතිවරයා හැටියට ඔබතුමාට යුතුකමක් සහ වගකීමක් තියෙන," බවයි එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා කියා සිටියේ.
කෙතරම් "බය කළත්," සිය අරගලය නොනවත්වන බවද ඔහු පැවසීය.
'බියගුළු ක්‍රියාවක්'
එහිදී ප්‍රකාශයක් කළ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා නීතිඥ රාජපක්ෂගේ නිවසට වෙඩි තැබීම හඳුන්වා දුන්නේ බියගුළු ක්‍රියාවක් ලෙසින්.
නීතිඥවරුන්ට එරෙහිව එල්ල වන ඕනෑම ප්‍රහාරයකදී නීතිඥවරුන් පක්ෂ භේදයකින් තොරව එකමුතුව ක්‍රියා කරන බවද ඔහු පැවසීය.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයේදී ඇයට එරෙහිව සාධාරණ විමර්ශනයක් නොපැවැත්වෙන්නේ නම් නව අගවිනිසුරුවරයාට සහයෝගය පළනොකිරීමේ යෝජනාවකට පසුගියදා නීතිඥ සංගමයේ අනුමැතිය පළවිය.
ඉන් අනතුරුව දෝෂාභියෝගය දැඩි විවේචනයට ලක් කළ නීතිවේදී ගුණරත්න වන්නිනායකට ප්‍රහාරයක් එල්ල කිරීමට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් දැරූ උත්සාහයක් ව්‍යවර්ථ විය.












