
ක්‍රියාකාරී සැලසුම යටතේ එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ දැන් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බව ජනාධිපතිවරයා පවසයි
උතුරු පළාත සඳහා පළාත් සභා මැතිවරණය ලබන වසරේ පවත්වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ ප්‍රතිඥා දුන්නේය.
"ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන්ට ගරුකරමින්" උතුරු පළාත සඳහා පළාත් සභා මැතිවරණ ලබන වසරේ පවත්වන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොළඹ දී ආරම්භ වූ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුවේ 58 වෙනි සැසිවාරය විවෘත කිරීමේ දේශනය පවත්වමින්.
මෙම සමුළුවට සහභාගි වීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 54 ක් නියෝජනය කරමින් දහසකට අධික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් පිරිසක් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවට රැස්වී සිටිති.
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානයේ උප අනුශාසක පදවියද දරන ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දක්වමින්, දශක තුනක යුද ගැටුම්වලින් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම (එල් එල් ආර් සී) පිහිටුවන ලද බවද ජාත්‍යන්තර නියෝජිතයන් හමුවේ කියා සිටියේය.
යුද්ධය හමාරයේ ශ්‍රී ලංකාව සියයට අටක ආර්ථික වර්ධනයක ලබා ඇති බව සමුළුවට පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, එල් එල් ආර් සී කොමිසමේ නිර්දේශ ක්‍රියාකාරී සැලසුම යටතේ දැන් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවද සඳහන් කළේය.
විවෘත කිරීමේ දේශනයට පෙරාතුව සමුළුව ඇමතූ පාර්ලිමේන්තු සංගමයේ සභාපති, කථානායක චමල් රාජපක්ෂ සංගමයේ අනුශාසිකාව වන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ පණිවුඩය සභාව හමුවේ කියැවීය.












