ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අන්ධ නිසා වාහනයක් අතගාන්න නොදුන් අය දැන් වාහන හදාගන්න මගේ ළඟට එනවා'
උපතින් ලද ආබාධ සහිත තත්ත්වයන් නිසා නොසැලී ජීවිතය ජය ගැනීමට සියලු දෙනා උත්සාහ කළ යුතු. බව දෑස් සම්පුර්ණයෙන්ම නොපෙනු ද වාහන අලුත්වැඩියා කරන මලිදු තිලකරත්න පවසයි.
ඔහු ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ ගරාජයක් පවත්වාගෙන යනු ලැබේ.
''අන්ධ නිසා මට ඉස්සර වාහනයක් අතගාන්න නොදුන් අය දැන් වාහන හදාගන්න මගේ ළඟට එනවා. ඉස්සර මම අතගානවා කියලා තාත්තා ළඟට හදන්න ගෙනාපු වාහනත් ආපහු අරගෙන ගිහින් තියෙනවා. දැන් ඒ අය වාහන හදාගන්න මගේ ළඟට එනවා.'' යනුවෙන් ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.