ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රෝද පුටුවක හිඳ බැලේ නර්තනයේ යෙදෙන ශිල්පියා
රෝද පුටුවක් භාවිතා කරන තරුණ මුද්‍රා නාට්‍ය ශිල්පියෙක්, විශේෂ අවශ්‍යතා ඇති නර්තන ශිල්පීන් සඳහා තවත් අවස්ථා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙයි.
ජෝ පවෙල්-මේන්, එක්සත් රාජධානියේ රාජකීය මුද්‍රා නාට්‍ය සමාගම (රෝයල් බැලේ) විසින් පැවැත්වෙන 'ස්ලීප්වෝකර්' සංදර්ශනයේ තාරකාව යි.
විසිපස් හැවිරිදි මේ තරුණයා වයස අවුරුදු 15 දී මුහුණදුන් දණහිසේ සැත්කමක සංකූලතාවකින් සහ රිය අනතුරකින් පසු, ඔහුගේ ජීවිතය වෙනස්කළ තුවාලවලට ගොදුරු වූ අතර, තමා නැවත කිසිදා නර්තනයේ යෙදෙනු නැතැ යි සිතමින් සිටියේ ය. නමුත් දැන් ජෝ සහ ඔහුගේ බැලේ නර්තන සහකාරීනි ඉසී, ඔහුගේ රෝද පුටුව ද නර්තනයන්ට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.