ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ පහසුකම් වැඩි දියුණු කරන්නට වෙහෙසෙන ප්‍රතීක්
නිල සංඛ්‍යාලේඛනවලට අනුව, ඉන්දියාවේ ජනගහණයෙන් මිලියන 26කට අධික ජනතාවක් ආබාධිතව වෙසෙති.
මෙය විශාල සංඛ්‍යාවක්වුව ද, රට පුරා ආබාධිත පුද්ගලයින්ට තවමත් ගමන්බිමන්හි යෙදීමට සහ පොදු ස්ථානවලට ප්‍රවේශවීමට විශාල දුෂ්කරතා තිබේ.
ඉණෙන් පහළට අංශභාග තත්ත්වයකින් පෙළෙන ප්‍රතීක් කන්දේල්වාල්, තමන් වැනිම රෝද පුටු භාවිතා කරන්නන්ගේ දිවිය කෙසේ හෝ පහසු කිරීමේ ගමනක් ආරම්භ කළේ ය. ඔහු රෝදපුටුවලින් ගමන් කිරීමට යොදාගන්නා බෑවුම් මාර්ග (රෑම්ප්) සෑදීමට තීරණය කළේ ය.