ලෝක පරිසර දිනය :'දිනපතා බැහැර කරන ප්ලාස්ටික් සහ පොලිතින් වලින් 50%ක් නැවත එකතු කරන්නේ නැහැ'
ලෝක පරිසර දිනයේ 50 වැනි සැමරුම අදට (ජුනි 05 වැනි දිනට) යෙදී තිබේ.
ප්ලාස්ටික් නිසා සිදුවන පරසර විනාශය ගැන මෙවර වැඩි අවධානයක් යොමු වී ඇත.
''ලංකාවේ දවසකට ප්ලාස්ටික් සහ පොලිතින් ටොන් 900 - 950ක් පරිසරයට බැහැර කරන බවට අනුමාන කරලා තියෙනවා. ඒකෙන් අපි එකතු කරන්නේ 50% වගේ ප්‍රමාණයක්. එයිනුත් ප්‍රතිචක්‍රිකරණයට යොමු කරන්නේ 10% - 15% අතර ප්‍රතිශතයක් '' යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ BBC සිංහල සේවයට පැවසුවේය.
කොයිතරම් ප්ලාස්ටික් ප්‍රමාණයක් දිනපතා පරිසරයට බැහැර කෙරුණ ද ඒවා විධිමත් ලෙස එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිකම නිසා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණයට අදාල කර්මාන්තවලට ප්‍රමාණවත් තරම් ප්ලාස්ටික් නොමැති වීමේ ගැටලුවක් ද තිබේ.

