ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය :'දෙහිවල බෝම්බකරුට මැරෙන්න ඉඩ දීලා බුද්ධි අංශ කළේ රහස් වල දැමීමක් ද?'
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර සිදු වී වසර හතරක් ගත වුව ද මේ දක්වා යුක්තිය ඉටු කිරීමට රජය අසමත් වීම සහ විමර්ශන සම්බන්ධයෙන් ඇති සැක සහිත තැන් ගැන කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (අප්‍රේල් 21) යළි අවධාරණය කළහ.
''හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂිම්ගේ ත්‍රස්ත කණ්ඩායම් අතර කලක සිට පැවති ගනුදෙනු මොනවාදැයි සොයා බැලීමට කිසිවෙකු කටයුතු කළේදැයි අපි ප්‍රශ්න කර සිටිනවා. ''
''දෙහිවල බෝම්බය පුපුරවා ගත ජමීල් ගැන බුද්ධි අංශ හොඳටම දැනගෙන හිටියා. හමුදා බුද්ධි අංශ ඔහුට බෝම්බයක් පුපුරාගෙන සිය දිවි හානි කර ගන්න ඉඩ දුන්නේ ඇයිදැයි අපිට ප්‍රශ්නයක් නැගෙනවා. එලෙසම එය ඔහු පුපුරා ගත්තා ද නැත්තනම් යමෙකු දුරස්ථ පාලකයකින් එය පිපිරෙව්වාදැයි අපිට ප්‍රශ්න කළ හැක. මේ තැනැත්තා සිය දිවි හානිකර ගැනීම තුළ බුද්ධි අංශ තමන් හා ජමීල් මෙන්ම ඔහුගේ කණ්ඩායම අතර තිබුණු ගනුදෙනු පිළිබඳව තොරතුරු සදහටම මකා දැමීමට ඉඩ දුන්නා නොවේදෝ දැයි, අපිට සැකයක් තිබේ.'' යනුවෙන් කාදිනල් හිමියෝ පැවසූහ.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ හතරවන වර්ෂ පූර්ණය නිමිත්තෙන් ප්‍රධාන දේව මෙහෙය අද (අප්‍රේල් 21 වැනිදා) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැදුරේදී පැවැත්වුණි.
2019 අප්‍රේල් 21 ස්ථාන අටකදී සිදු වූ බෝම්බ ප්‍රහාර වලින් මරාගෙන මැරුණ බෝම්බකරුවන් ද ඇතුළුව පුද්ගලයන් 277 දෙනෙකුට දිවි අහිමි විය. තුවාල ලැබූ සංඛ්‍යාව 407කි.