ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පරිසරය : කොහාගේ සැඟවුණු ප්‍රේම කතාව සහ කපුටන් නොමග යවන උපාය
සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ වැඩි අවධානයක් යොමු වන පක්ෂියා කොහා ය. කොවුලා ලෙස ද හඳුන්වන මේ පක්ෂියාගේ නාදය මේ දිනවල අසන්නට ලැබේ.
කොහා ගැන ඔබ දැන සිටිය ද කෙවිලිය ඔබ හඳුනනවා ද? කෙවිලියගේ නාදය එක් වරක් හෝ ඔබ අසා තිබෙනවා ද?
එමෙන්ම කෙවිලිය වසඟ කර ගැනීම සඳහා කොහා භාවිත කරන අපූරු උපක්‍රම ඔබ දන්නවා ද ?
කුරුලු ලෝකයේ සැඟවුණු එම රසවත් තොරතුරු ප්‍රවීණ පරිසරවේදී, නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට විස්තර කළේය.