අවුරුදු පහලොවකට පසු දේශපාලන සිරකරු සතිෂ් කුමාර් ජනාධිපති සමාවෙන් නිදහස් වෙයි

වීඩියෝ ශීර්ෂ වැකිය, 2017 දී ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය විභාග වෙමින් තිබියදී 2023 පෙබරවාරි 01 වැනි දින ජනාධිපතිවරයා වි

කිලිනොච්චිය විවේකානන්ද නගරයේ පදිංචි ව සිටි සතිෂ් කුමාර් කිලිනොච්චිය මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු ලෙස සේවය කරමින් සිටින අතර 2008 වසරේදී කිලිනොච්චිය රෝහලේ සිට කොළඹට යමින් සිටියදී වව්නියාවේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ කොටි සංවිධානයට ආධාර අනුබල දීමේ චෝදනාව මතය.

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සතිෂ් කුමාර්ට එරෙහිව වව්නියාව මහාධිකරණයේ නඩුවක් පවරා තිබු අතර, 2011 දී අධිකරණය ඔහු වරදකරු කර ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

එම නඩු තීන්දුව අභියෝගයට ලක් කරමින් ඔහු කොළඹ අභියාචණාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑලෙන් ද මහාධිකරණය ලබා දුන් තීන්දුව තහවුරු කරමින් නඩුව අවසන් කර තිබේ.

2017 දී ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය විභාග වෙමින් තිබියදී 2023 පෙබරවාරි 01 වැනි දින ජනාධිපතිවරයා විසින් පොදු සමාව ලබා දී ඇත.