යුද්ධයෙන් හා ආර්ථික අර්බුදයෙන් බැටකමින් ජීවිතය ගොඩනගා ගන්නට වෙහෙසෙන සුසෙයි මුත්තු
දෙවියන් යදිමින්, පවුලේ සාමාජිකයන් සමග සතුටින් ජීවත් වීමට උත්සාහ කරන බවත් අතීතයේ ඇතැම් සිද්වීම් ගැන කණගාටු වෙන බවත් යුද්ධයෙන් දෙපා අහිමි වූ හිටපු LTTE සාමාජිකයෙකු වන එස්.සුසෙයි මුත්තු පවසයි.
මුලතිව්, වට්ටුවාල් ප්‍රදේශයේ ජීවත්වෙන ඔහු රටකජු වගාවක් සිදු කරයි.
යුද්ධය පැවති කාලයේ මෙන් තවමත් තමන් ඇතුළු ජනතාව පීඩා විඳින බව ඔහු පැවසුවේය.

