කාබනික පොහොර සහ ගොවිතැන: ගෝඨාභයට "ඡන්දය දුන්" උතුරේ තරුණයෙක් කී කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, කාබනික පොහොර සහ ගොවිතැන: ගෝඨාභයට "ඡන්දය දුන්" උතුරේ තරුණයෙක් කී කතාව

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ වෙසෙන දේවරාසා කෞෂිකන් තරුණ ගොවි මහතෙක්.

"කාබනික පොහොර පමණයි" රජයේ ප්‍රතිපත්තිය නිසා සිය අස්වැන්නට හානි වී ඇති බව ඔහු පවසයි.

පොහොර නොමිලේ ලබා දෙන බව කී නිසා තමන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දුන් බව ඔහු කියා සිටියේය. කෘෂිකර්ම උපාධිය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඔහු අක්කර 25 ක පමණ භූමි ප්‍රමාණයක වගා කටයුතු සිදු කරයි. ගොවිතැන් පාළු වීම නිසා තමා යටතේ සේවය කළ කම්කරුවන්ගේ ද එදාවේල අහිමි වී ගොස් ඇති බවත් මේ වන විට තමන් රටෙන් පිටව යාමට සිතමින් සිටින බවත් ඔහු BBC සිංහල සේවය වෙත කියා සිටියේය.

කැමරාකරණය: මාධව කුලසූරිය, නිෂ්පාදනය: සුනෙත් පෙරේරා