ලෝක වනජීවී දිනය : කොළඹ, ගෝල්ෆේස් ඇවිත් ඉතිහාසයට එක්වන කැස්බෑවෝ

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෝක වනජීවී දිනය : කොළඹ, ගෝල්ෆේස් ඇවිත් ඉතිහාසයට එක්වන කැස්බෑවෝ

කොළඹ, ගාලු මුවදොර වෙරළේ තිබිය දී හමු වූ බිත්තරවලින් කැස්බෑ පැටවුන් අද (මාර්තු 03) පළමු වරට නිදහස් වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වසරේ ජනවාරි 09 වැනිදා සිට මේ දක්වා කැස්බෑවුන් පහළොස් දෙනෙකු පමණ ගාලු මුවදොර වෙරළේ බිත්තර දමා තිබේ.

ගාලු මුවදොර වෙරළේ කැස්බෑවුන් බිත්තර දමන බවට ඇති පළමු නිල සාක්ෂිය මෙය බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ අඩවි ආරක්ෂක සමන් ලියනගම BBC සිංහල සේවයට පැවසුවේය.

එම ස්ථානය සංරක්ෂණය කළ යුතු අතර මේ හරහා කොළඹ නගරය මුල් කරගත් සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ හැකියාව ඇති බව පරිසර නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේය.

ලෝක වනජීවී දිනය අදට යෙදී තිබේ.