සුරතල් පැන්ඩා හිම මිනිසා සමග සෙල්ලමේ

වීඩියෝ ශීර්ෂ වැකිය, හිම මිනිසාට අභියෝග කරන සුරතල් පැන්ඩා

කැනඩාවේ ටොරොන්ටෝ සත්ව උද්‍යානයේ සෙවන ලබන 'දා මාවෝ' පැන්ඩා හිම ක්‍රීඩා කිරීමට රුසියෙක්.

'දා මාවෝ'ට සෙල්ලම් කරන්න සත්ව උද්‍යානයේ සේවකයෝ ලොකු හිම මිනිසෙක් තනන්න තීරණය කළා.

දවස පුරාම සිය හිම මිනිසා සමග කෙළි සෙල්ලමේ යෙදෙන අපූරු පැන්ඩා 'දා මාවෝ'ගේ වීරකම් වීඩියෝ කැමරාවේ සටහන් වී තිබුණේ මේ අයුරින්.