ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තුර්කි-සිරියා භූමි කම්පාව : හය දෙනෙකුගෙන් යුත් පවුලකට සිය නිවස දුන් ශ්‍රී ලාංකික තරුණිය
තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන අපට දැනගන්නට ලැබිණි.
තුර්කියේ, අන්කාරා නගරයේ ජීවත් වන දිල්හානි චන්ද්‍රකුමාර් සිය දෙමහල් නිවසේ උඩු මහල හය දෙනෙකුගෙන් යුත් පවුලකට ලබා දුන්නාය.
''මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්‍රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්‍යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා,'' යනුවෙන් ඇය BBC සිංහල සේවයට පැවසුවාය.