වැටුපෙන් බදු අය කිරීම : ''ඉපදුනොත් නියත ධර්මතා දෙක තමයි මරණය සහ බදු ගෙවන්න සිදු වීම.''
වැටුපෙන් සෘජු ලෙස බදු අය කර ගැනීම (උපයන විට බදු Pay-As-You-Earn System (PAYE) ) මේ මස 01 වැනි දා සිට බලාත්මක වන අතර ඒ සඳහා අනුගමනය කර ඇති ක්‍රමවේදය දැඩි විවේචනයට ලක්ව තිබේ.
මෙම බදු අය කිරීම සැලසුම් කර ඇති ආකාරයටම ක්‍රියාත්මක කරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරන බව වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන් රජයට අනතුරු අඟවා තිබේ.
එම පසුබිම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ ස්ථාවරය සහ නව බදු අය කිරීම් ගැන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති එම්.ඒ ප්‍රියංක සමග BBC සිංහල සේවය සමග කළ සාකච්ඡාව මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.


