නත්තල් සමයේදී වඩා හොඳ ප්‍රතිචක්‍රීකරණයක් කිරීම සඳහා උපදෙස් හතරක්

ඡායාරූප මූලාශ්‍රය, bernardbodo/Getty
නත්තල් සමයේදී කාඩ්බෝඩ්, බෝතල් හෝ ගස් ඇතුළුව ඉවතලන ගෘහස්ථ අපද්‍රව්‍ය සාමාන්‍යයෙන් 30% කින් පමණ වැඩිවේ.
ඉතින් පෘථිවියට අඩු හානියක් කරමින් ඔබ මේ උත්සවය සමරන්නේ කෙසේද?
වඩාත් පරිසර හිතකාමී නත්තලක් ගත කිරීම සඳහා ප්‍රතිචක්‍රීකරණය සහ අපද්‍රව්‍ය ඉවතලීම පිළිබඳව උපදෙස් හතරක් මෙන්න.මේ විනෝද විය යුතු කාලයයි - නමුත් උත්සව සමය තුළ අප ඉවතලන දේවල් වල ප්‍රමාණය පිළිබඳව අප කිසිවකුටවත් කිසිම අදහසක් නැත.
1. ඔබේ ඇසුරුම් සහ තෑගි එතීමට ගන්නා ද්‍රව්‍ය පිළිබඳ අවබෝධය

ඡායාරූප මූලාශ්‍රය, Betsie Van der Meer/Getty
WRAP පාරිසරික පුණ්‍යායතනයට අනුව ප්ලාස්ටික් පටල හෝ ලෝහමය මූලද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින් සියලුම ඔතන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන විසින් භාරගනු නොලැබේ.
ඔබේ දවටන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කළ හැකිදැයි බැලීමට ඔබට කළ හැකි සරල පරීක්ෂණයක් තිබේ: එය බෝලයක් වන සේ පොඩි කරන්න. එය බෝල හැඩැති ගන්නේ නම්, එය ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. නමුත් එය නැවත දිගහැරෙන්නේ නම්, එහි ප්ලාස්ටික් අඩංගු වන අතර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැක. ඉතා සියුම් වියමන් (ටිෂූ) වැනි එතීමේ කඩදාසි මෙන්ම කෙටි කෙඳි (ෆයිබර්) ඇති කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැක.
ප්‍රතිචක්‍රීකරණ බඳුනට දේවල් දැමීමට පෙර රිබන්, බෝ වැනි සැරසිලි, බැටරි, ඇලෙන සුළු පටි (ටේප්) සහ අනෙකුත් උපාංග එයින් ඉවත් කිරීමට වග බලා ගන්න.
වඩාත්ම හොඳ දේ තමයි, කඩදාසි ඉවතට විසි නොකරන්න, ලබන වසරේ තෑගි එතීම සඳහා එය ඉතිරි කරන්න. මෙම මාර්ගය අනුගමනය කරන්නේ නම්, ඔබ ඉතා පරිස්සමින් ගලවා ගැනීමට සිදු වනු ඇත - නත්තල් උදෑසන උද්යෝගිමත් කුඩා දෑත් වලින් එය කළ නොහැකි බව පිළිගත යුතුය. (ඊළඟ වසරේ ඔබේ නැන්දාට ඇගේම එම එතුම් කඩදාසි නැවත ලබා නොදීමට වගබලාගන්න. එය වළක්වා ගැනීමට ඔබට සටහනක් තබාගැනීම වැදගත් විය හැකියි!)
එතුම් කඩදාසි මෙන්ම කාඩ්බෝඩ්ද ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නමුත්, එහි ඇති ඕනෑම ටේප්, ප්ලාස්ටික් හෝ රිජිෆොර්ම් වැනි පොලිස්ටිරින් චැනි එහි අථිඅ ද්‍රව්‍ය ඉන් ඉවත් කිරීමට මතක තබා ගන්න. සමහර පෙට්ටිවල දිලිසෙන හෝ ඉටි දැමූ ප්ලාස්ටික් පටලයක් ද ඇති අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වේ.
ඔබේ ප්‍රතිචක්‍රීකරණ බඳුනේ, බෑගයේ හෝ පෙට්ටියේ වැඩි ඉඩක් ලබා දීම සඳහා පෙට්ටි තළා පොඩිකර හෝ සමතලා කරන්න.
බෝතල් හිස් කර සෝදා හරින්න. ඉතිරි වූ ආහාර හෝ දියර අනෙකුත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය අපවිත්‍ර කළ හැකි අතර බෝතල්වල දියර තිබේ නම් ඒවා ස්වයංක්‍රීය වර්ග කිරීමේ ක්‍රියාවලියෙන් බර වැඩි යැයි සිතා ප්‍රතිචක්‍රීකරණය නොකර හැරිය හැකිය. ඒවායේ ඇති දියර ද ප්‍රතිචක්‍රීකරණය කරන යන්ත්රෝපකරණවලට හානි කළ හැකිය. බෝතල්වල ඇති ලේබල් එහිම තබන්න - මේවා ක්‍රියාවලියේදී ඉවත් කරනු ලබන අතර ඉඩ ඉතිරි කර ගැනීම සඳහා බෝතල් පොඩිකර දමන්න. ඒවායෙහි පියන අමුණා තබන්න, මෙය බෝතලය සමඟ පියන ප්‍රතිචක්‍රීකරණය කිරීම සහතික කරයි.
ඔබට ඔබේ ප්‍රදේශයේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන තිබේදැයි සොයා බැලීමටද හැකියාවක් ඇත.
2. ඉතිරිවන දෑ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කරන්න

ඡායාරූප මූලාශ්‍රය, Klaus Vedfelt/Getty
එක්සත් රාජධානියේ පමණක් ගණන් බලා ඇති ලෙස සෑම වසරකම ආහාර ටොන් මිලියන 6.6ක් පමණ අපතේ යන අතර, එමගින් ගෘහස්ථයන්ට වසරකට පවුම් බිලියන 14ක් රුපියල් ට්‍රිලියන 6.17 හෝ සාමාන්‍ය පවුලකට පවුම් 730ක් (රුපියල් 321,779.58) පමණ වැය වේ.
වසරක් තුළ ඉවතලන කුකුළු මස් ප්‍රමාණයෙන් නත්තල් දිනට පසුදින (බොක්සිං ඩේ) ව්‍යංජන මිලියන 800 ක් සෑදිය හැකි බව එහි සඳහන් වේ. තවද එක්සත් රාජධානියේ නිවෙස් විසින් සෑම වසරකම ඉවතලන කැරට් ප්‍රමාණයෙන් නත්තල් සීයාගේ පිනි මුවන් නව දෙනාට වසර 500,000 කට ආසන්න කාලයක් දිනපතා කැරට් ආහාරයට ගත හැකිය.
ඉතිරි කළුකුම් මස් හැකි ඉක්මනින් ශීතකරණයේ තැබීමට උත්සාහ කරන්න.බොහෝ නිර්දේශයන්ට අනුව එය දින දෙකක් දක්වා ශීතකරණයේ තබා ගත හැකිය. කෙසේ වෙතත්, විශාල කුරුල්ලෙකු ආහාරයට ගැනීමට වඩා වැඩි කාලයක් ගත විය හැකිය, විශේෂයෙන් ඔබට කළුකුම් මස් අනුභවයෙන් විවේකයක් අවශ්‍ය බව ඔබට හැඟේ නම් ඒ සඳහා වැඩි කාලයක් ගත හැකියි.
සමහර විට ඉතිරිව ඇති දේ නැවත රත් කිරීමට පෙර කෙලින්ම ශීතකරණයේ හෝ මයික්‍රෝවේව් උදුන භාවිතයෙන් සීතල ඉවත් කරගන්න. කළුකුම් මස් ආහාර සුරක්ෂිතතා නිශ්චිත ඉඟි සඳහා එක්සත් රාජධානියේ ආහාර ප්‍රමිති වෙබ් අඩවිය බලන්න.
නයිජෙලා ලෝසන්ගේ වෙබ් අඩවියට අනුව ඉතිරි වන නත්තල් පුඩිං සාමාන්‍යයෙන් සති දෙකක් දක්වා ශීතකරණයේ තබා ගත හැකි අතර එක්සත් ජනපදයේ පෝෂණ වෙබ් අඩවිය වන ඊට් රයිට් පවසන්නේ ඔබට දින තුනක් හෝ හතරක් දක්වා ශීතකරණයේ තබා ගත හැකි බවයි. සොසේජස් සහ බේකන් සිසිල් කිරීම සඳහා එක්සත් ජනපද රජයේ නිර්දේශයන්ට අනුව, පිසූ ඌරන් සතියක කාලයක් භාවිතයට සුදුසුයි.
අඩුවෙන් ආහාර නාස්ති කිරීමට ඇති පැහැදිලි ක්‍රමය නම් ඒවා අඩු ප්‍රමාණයන්ගෙන් මිල දී ගෙන අඩුවෙන් පිසීමයි. නත්තලේදී මිනිසුන් වැඩිපුර මිල දී ගන්නේ චීස්, බිස්කට්, චොකලට්, මධ්‍යසාර සහ එළවළු බව සමීක්ෂණයකින් හෙළි වී ඇත.
නත්තල් ආහාර සැලසුම් කිරීම සඳහාත්, ඉතිරි ආහාර නැවත භාවිතා කිරීම සඳහා වට්ටෝරු සොයා ගැනීමට සහ මෙම වසරේ ඔබේ ආහාර නාස්තිය අවම කිරීම සඳහා ආහාරයට නොගත් ද්‍රව්‍ය අධිශීතකරණය කිරීම සහ නැවත භාවිතා කිරීම පිළිබඳ උපදෙස් සඳහා ඕනෑ තරම් අවශ්‍ය නම් ඔබට සොය ගැනීමට හැකියි.
3. නත්තල් ගස?

ඡායාරූප මූලාශ්‍රය, Thomas Barwick/Getty
ඔබ මුල් සහිත ගසක් මිලට ගන්නේ නම්, ඔබට එය ඔබේ ගෙවත්තේ සිටුවිය හැකිය (පැහැදිලිවම ඒවා දිගටම වර්ධනය වන බවට පරෙස්සම් වන්න, සමහර විට ඉතා ඉක්මනින් වැවෙන බැවින් ඉතාමත් පරිස්සම් වෙන්න) එසේත් නොමැතිනම් එය නැවත එළිමහනේ තබා ඊළඟ වසරේ එය නැවත ගෙය තුළට ගෙන එන්න.
ඔබ මුල් නොමැති කැපූ ගසක් මිල දී ගෙන තිබේ නම්, ඔබේ ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව එය එකතු කිරීමේ ඉඩ ඇත, නැතහොත් අලුත් අවුරුද්දේ ඔබේ නිවසින් ඔවුන් ඔබේ ගස ගෙනයනු ඇත. ගස් ලී කැබලිවලට ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය, නැතහොත් ඉරා දමා කොම්පෝස්ට් කළ හැක.
කෘත්‍රිම ගස් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි නමුත් නැවත භාවිත කළ හැකි බැවින් ඔබට එය ලබන වසර සඳහා තබා ගැනීමට අවශ්‍ය නැතිනම් හෝ එයට ඉඩක් නොමැති නම්, ඒවා හොඳ තත්ත්වයේ තිබේ නම් පුණ්‍යායතනයකට හෝ රැකවරණ නිවාසයකට ඒවා රැගෙන ගොස් භාරදිය හැක.
4. නත්තල් රතිඤ්ඤා ඥානවන්තව තෝරන්න

ඡායාරූප මූලාශ්‍රය, monkeybusinessimages/Getty
වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයට අනුව ලන්ඩනයේ විසූ බේකර් ටොම් ස්මිත් 1847 දී පළමු නත්තල් රතිඤ්ඤාව සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය. දැන් බොහෝ උත්සව වල රාත්‍රී කෑම මේසවල එය ස්ථාවර අංගයක් වන අතර, 2017 දී මිලියන 150 කට වඩා අලෙවි වූ බව වාර්තා වේ.
නමුත් සෑම කට්ටලයක්ම එයටම ආවේනික කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් ඇසුරුම් වලින් පැමිණේ.
දිලිසෙන ද්‍රව්‍ය (ග්ලිටර්) වැනි ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු ද්‍රව්‍ය බොහෝමයක් අඩංගු වන අතර, ඇත්ත වශයෙන්ම ඒවායේ 'විස්මිත' කුඩා ප්ලාස් අඩංගුවී ඇත. ඔබේ නත්තල් රතිඤ්ඤා තෝරාගැනීමේදී ප්ලාස්ටික් කසළ ගොඩට යැවීම වැළැක්වීම සඳහා ඇතුළත ඇති දේ ගැනත් සිතන්න.
ඔබේ කුඩා නිර්මාණයන් හි ඇති අත්වැරදීම් වලට ඔබේ පවුලේ හෝ මිතුරන්ගේ විහිළු කිරීම ඔබට ලැජ්ජාවක් විය හැකියි, එහෙත් සැනසීම නම් ඒවා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නිසා අඩුම තරමින් ඔබ පෘථිවියට හානියක් නොවන බව දැන දැනම ඒවා විසිකර දැමිය හැකි වීමයි.











