ආර්ථික අර්බුදය:'අපි ගණන් කියද්දී මනුස්සයෝ ගිහින් ඉවරයි. ඉම්පොර්ට් නෑ මේ සැරේ'
මෙරට ඉතිහාසයේ මුහුණ දී ඇති දරුණුතම ආර්ථක අර්බුදය මැද ශ්‍රී ලාංකිකයින් මෙවර නත්තලට සහ නව වසරට සැරසෙමින් තිබේ.
මේ සමයේදී උත්සව භාණ්ඩ, සැරසිලි, ඇඳුම් පැළදුම් ඇතුලු බොහෝ දේ මිලදී ගැනීමට පැමිණෙන වෙළඳන්ගෙන් මෙන්ම මහජනතාවගෙන් සාමාන්‍යයෙන් කොළඹ පිටකොටුව අතුරු සිදුරු නොමැතිව පිරි ගියත් නත්තලට දින කිහිපයක් ඉතිරිව තිබෙන මොහොතක අප එහි කළ සංචාරයකදී අප වෙත අදහස් දැක්වූ ජනතාව කියා සිටියේ භාණ්ඩ වල මිල ගණන් දැරිය නොහැකි මට්ටමට ඉහළ ගොස් ඇති බවයි.
ගෙවී ගිය නොවැම්බර් මාසයේදී මහබැංකුව විසින් නිකුත් කළ දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ උද්දමනය 61% ක් ලෙසට වාර්තා විය.

