'දවල්ට බොන ප්ලේන්-ටී එකවත් බොන්න නෑ මට. හිඟා නොකා හිඟා කන්න වෙලා තියෙන්නේ මට'
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව අද (දෙසැම්බර් 08 ) ජාතික විරෝධතා දිනයක් නම් කොට තිබුණු අතර විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් විරෝධතා දිනයට සමගාමීව කොළඹදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරතවිය.
අයවැයට විරුද්ධත්වය පළකරමින් සහ උද්ධමන දීමනාව සහ ප්‍රවාහන දීමනාව වහාම ලබාදෙන ලෙසත්, මර්දනය නවතා ජනතාවට සහන ලබාදෙන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.
කෙසේවෙතත් අද සවස 2023 අයවැය වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට පක්ෂව ඡන්ද123 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 80 ක් පමණි.

