අවුරුදු 14 දී උසස් පෙළ විභාගයට පෙනී සිට සරසවි වරම් ලැබූ දෙව්ම් :'මගේ අනාගත බලාපොරොත්තුව ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මගේ අනාගත බලාපොරොත්තුව ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම'

පහළොස් හැවිරිදි දෙව්ම් සනහස් රණසිංහ කැලණිය නැණමල් රාජකීය විදුහලේ ශිෂ්‍යයෙකි.

ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇත්තේ වයස අවුරුදු 13 දී වන අතර ඉන් අනතුරුව වයස අවුරුදු 14දී වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට බී සමාර්ථ 03ක් සමගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සරසවි වරම් හිමිකරගෙන තිබේ.

දෙව්ම්ගේ අනාගත බලාපොරොත්තුව ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් තම උපාධිය හදාරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමයි.

තම අරමුණ කරා යාමට සිය මව්පියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන් ද නොමද සහයක් ලැබුනු බව දෙව්ම් බීබීසියට පැවසිය.