ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ : ''කැලේ පැනපු යාළුවෝ තුන්දෙනාම අද විද්‍යාඥයෝ.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ : ''කැලේ පැනපු යාළුවෝ තුන්දෙනාම අද විද්‍යාඥයෝ.''

කුඩා කාලයේ තමන් සමග වන සතුන් පසුපස යමින් නිදහස් ජීවිතයක් ගත කළ අනෙක් මිතුරන් දෙදෙනා ද අද විද්‍යාඥයින් බවත් ළමා කාලය නිදහසේ ගත කිරීමට ඉඩ ලබා දුන් මව්පියන්ට ස්තූති කරන බවත් සත්ත්ව විද්‍යා පර්යේෂකයෙකු වන ආචාර්ය කණිෂ්ක උකුවෙල BBCයට පැවසුවේය.

රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ඔහු නව මුහුදු සර්ප විශේෂයක් සහ හූනන් විශේෂ 12ක් ලෝකයට හඳුන්වාදීමට ක්‍රියා කළ පර්යේෂකයෙකි.

තමන් පළ කර ඇති විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණය වයසට වඩා වැඩි බවත් වැඩිහිටියන් දරුවන්ගේ නිදහස සීමා කිරීම රටේ ඛේදවාචකයක් බවත් ඔහු පවසයි.