''ශ්‍රී ලංකාවේ කාන්තාවන් 4500ක් සහ පිරිමින් 100ක් පමණ වසරකට මේ රෝගයට ගොදුරු වෙනවා.''

වීඩියෝ ශීර්ෂ වැකිය, ''ශ්‍රී ලංකාවේ කාන්තාවන් 4500ක් සහ පිරිමින් 100ක් පමණ වසරකට මේ රෝගයට ගොදුරු වෙනවා.''

පියයුරු පිළිකාව වැළදීමේ අවධානම ශ්‍රී ලංකාවේ ඉහළ යමින් බවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

කාන්තාවන් 4500ක් සහ පිරිමින් 100 දෙනෙකු පමණ වසරකට අලුතින් පියයුරු පිළිකා රෝගීන්ගේ ලැයිස්තුවට එකතු වේ.

මේ රෝගය මුල් අවස්ථාවේදී හඳුනා ගන්නා ප්‍රමාණය තවමත් සැළකිය යුතු ලෙස අඩු මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය සද්ධර්ම වීරකෝන් BBC සිංහල සේවයට පැවසුවේය.